18 වන සියවස

City History 2

කළුතර නගරය ඉතා අනාධිමත් කාලයක සිට දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම නගරයෙන් මුහුදට වැටෙන කළුගං කොමළිය නිසා කළුතරට මෙම නාමය ලැබුන බව ඉතිහාස කථා පුවත් මඟින් සාධක ගෙන හැර දක්වයි. මෙම ප්‍රදේශයට 18 වන සියවසේ දී පවා රුවල් නැව් ලඟා වී ඇත. ඒ නිසා කළුතර යන නාමය කාලතිත්ථ, කළුතොට, කළුතර යනුවෙන් නිර්මාණය වූ බවට සිතිය හැක.

ක්‍රි.ව. 02 වන සියවස

City History 2

ජනාකීර්ණ නගරයක් වන කළුතර පරිපාලනයේ පහසුව සදහා කළුතර උතුර හා දකුණ යනුවෙන් කොටස් 02 කට බෙදා ඇත. අතීතයේ මෙම ප්‍රදේශ වේලාපුර හා දේශාස්ත්‍ර යනුවෙන් හදුන්වා ඇත. එසේම කළුතර ‍‍ඓතිහාසික බෝධීන් වහන්සේගේ උඩමළුවේ දැනට වැඩසිටින බෝධි වෘක්ෂය අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල බෝධී වෘක්ෂයින්ගෙන් එකක් බවට විශ්වාස කෙරෙන අතර ක්‍රි.ව. 02 වන සියවසේදී ටොලමි විසින් අදින ලද පැරණි ලංකා සිතියමෙහි නුබරත යනුවෙන් සඳහන් කර ඇති ස්ථානය මෙම ප්‍රදේශය බව අනුමාන කිරිම ද අනුව ඉතිහාසයේදී මෙම ප්‍රදේශය විශේෂ සැලකිල්ලට ලක් වූ බව පෙනේ.

ක්‍රි.ව. 05 වන සියවස

City History 2

ක්‍රි.ව. 5 වන සියවසට අයත් යැයි සැලකෙන කළුතර දියගම ප්‍රදේශයේ කළුගඟ මැද පිහිටි පැලුණු ගල ආසන්නයේ පිහිටි දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණයට ලක්ව ඇති ගලක පවතින බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල් ලිපියක් මඟින් ද කරුණු බොහෝමයක් අනාවරණය වේ. ඉන් ප්‍රධානතම කරුණ ලෙස 5 වන සියවස වන විට මිනිසුන් වාසය කල බවත් කෘෂිකර්මාන්තය ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වූ බවත්ය. එසේම මෙහි මහා විහාර යන්න සඳහන් වීමෙන් ආගමික පසුබිමක් ද එකල මේ ප්‍රදේශයේ තිබු බව පැහැදිලිය. තවද හියමත්ත නම් වෙළද නගරයක් ගැන සඳහන් වීමෙන් 5 වන සියවසේ දී කෘෂිකර්මාන්තය මඟින් ආර්ථික ක්‍රමය සකසා ගෙන ආගමික පසුබිමක් මත ජීවත් වූ මිනිසුන් කළුතර වාසය කර ඇති බව සිතිය හැක.

13 වන සියවස

City History 2

13 වන සියවසේ දී දඹදෙණිය රාජධානිය කරගත් දෙවන පරාක්‍රමබාහු රජතුමා කාලි නදී හරහා විශාල පාලමක් කර වූ බවත් රටවැසියන්ගේ ප්‍රයෝජනය සඳහා බෙන්තොට සිට කළුතොට දක්වා පොල් වගාවක් ආරම්භ කල බවත් සඳහන් වේ. මෙතුමා විසින් සුවිශාල මාර්ග පද්ධතියක් ඇති කල බවත්රත්නපුරයට යාම සඳහා කළුතර සිට මාර්ගයක් තැනූ බවත් දැනට එය කළුතර නාගස් හන්දියෙන් උග්ගල්බඩ හරහා දිවෙන මාර්ගය බවත් පිළිගැනේ.

15 වන සියවස

City History 2

මෙලෙස 15 වන සියවස වන විට ඉතා රමණීය නගර‍යක් ලෙස දියුණුවට පත් ව කළුතර නගරය තිබෙන්නට ඇති බව අපට ඉපැරණි සංදේශ කීපයකම කළුතර නදිය පිළිබඳවත් ගංගාතිලක නමින් කළුතර අසබස තිබු විහාරයක් පිළිබඳවත් කියවෙන කාව්‍යයන් අනුව සිතිය හැකිය.


එසේම ගංගාතිලක නමින් විහාරයක් තිබූ බවට තිසර හා කෝකිල සංදේශවල ද සඳහන් වේ. මෙලෙස 15 වන සියවස වන විට කළුතර යනු ඉතා සුප්‍රසිද්ධ ප්‍රදේශයක්ව පැවති බව අපට සිතිය හැකිය.

1655-09-15 දින..

City History 2

ලංකාව ආක්‍රමණය කල පෘතුගීසීන් විජයබාහු රජතුමාගේ කාලයේදී ඔවුන්ගේ වෙළද භාණ්ඩයක් වූ කුරුදු, පුවක්, ගම්මිරිස් හා මැණික් කළුගංතොට හරහා හුවමාරු කරගත් බවට සාධක ඇත. බුවනෙකබාහු රජතුමා, පෘතුගීසීන්ට කළුගංතොට (තොටමුණ යනුවෙන් ගඟේ උතුරු හා දකුණු ගං ඉවුරු භාවිතා වී ඇත) භාවිතා කිරීමේ ඉඩකඩ පුළුල් කර දි ඇති අතර එයින් ප්‍රයෝජන ගත් පෘතුගීසීහු කළුගඟ ආශ්‍රිතව බල කොටුවක් ගොඩ නගාගත් බවට හා සිංහලයින් හා පෘතුගීසීන් එක්ව පාලනය කලා වූ වෙළද වරායක් කළුතර තිබූ බවත් 1957 දී මෙහි පාලන බලය තනිකරම පෘතුගීසීහු අයිති කරගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ. 1655-09-15 දින ලන්දේසීන් විසින් මෙම බලකොටුව වටලා ඇත.

18 වන සියවස අග භාගයේදී..

City History 2

18 වන සියවස අග භාගයේදී එනම් 1796-04-16 දින සිට කළුතර ඉංග්‍රීසීන්ට යටත් වී ඇත. ඉංග්‍රීසීන් 1796 සිට 1934 දක්වා වසර 152 ක කාලය තුල දී පාරිපාලයේ පහසුව සඳහා දිස්ත්‍රික්ක වෙන් කර ඇති අතර සෑම දිස්ත්‍රික්කයකටම ආදායම් රැස්කරන්නෙක් පත් කර ඇත.

1878 ජනවාරි 11 දින

City History 2

කළුතර නගරය සදහා පිහිට වූ ප්‍රථම පළාත් පාලන ආයතනය 1896 අංක 09 දරණ ආඥාපනත යටතේ 1978 පිහිට වූ ප්‍රාදේශීය සෞඛ්‍ය මණ්ඩලය නම් ආයතනය විය. එහි ප්‍රථම රැස්වීම කළුතර කච්චේරියේ දී 1878 ජනවාරි 11 දින පවත්වන ලදී. මෙම මණ්ඩලයේ සභාපති එෆ්. ආර්. සොන්ඩර්ස් මහතා වූ අතර ඔහු ඇතුළු නිල බලයෙන් පත් වූ සාමාජිකයින් දෙදෙනෙකු හා ඡන්ද බලයෙන් පත්වූ සාමාජිකයින් 03 දෙනෙකුගෙන් යුක්ත 06 දෙනෙකු ඇතුලත් විය. මෙම මංඩලයේ ප්‍රථම ලේකම්වරයා එච්. කැමරන් මහතාය. කළුතර නගර සභාවේ පූර්වගාමි ආයතනය වූ මෙම 1922 දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වූ අතර එහි අනුප්‍රාප්තික ආයතනය වශයෙන් 1923 ජනවාරි 01 වෙනි දින සිට කළුතර නගර සභාව පිහිටුවන ලදී. මෙම සභාවේ ප්‍රථම සභාපති ආතර් ඩී. ආබෲ මහතා වන අතර ප්‍රථම රැස්වීම 1923-01-06 දින පවත්වන ලදී.


1923 සිට මේ දක්වා සභාපතිවරුන් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ නායකත්වය යටතේ පාලනය වන කළුතර නගර සභාව 1935 අංක 61 දරණ නගර සභා ආඥා පනතේ විධි විධාන වලට යටත්ව පාලනය වේ. 1979 -06-01 දින සිට නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කළුතර නගරයේ කොටසක් නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව එයින් පූජා නගරයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.